24 C
Galle

කාන්තාවකට, ඇය ආසාදිත බව කියන්න දින 11ක් ගිහින්.

Published:

හොරණ වගවත්ත පදිංචි කාන්තාවකගෙන් පීසීආර් පරීක්ෂණයකට ජෛව සාම්පල රැගෙන දින 11කට පසු ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ විසින් දැනුම් දීමේ පුවතක් වාර්තා වෙයි.

එම කාන්තාව පවසන්නේ තම ජෛව සාම්පල ලබාගත්තේ පසුගිය නොවැම්බර් 10 වැනි දා බවයි. නමුත් ඉන් පසු කිසිම දැනුම් දීමක් නොලැබුණු බැවින් තමන්ට කොරෝනා වැළඳී නැතුව ඇතැයි සිතූ බව ද එම කාන්තාව පවසයි.

තමන්ට නිරෝධායනය වන ලෙස හෝ දැනුම් නොදුන් බව ද ඇය කියන්නීය. නමුත් අද (21) පෙරවරුවේ දුරකථන ඇමතුමක් දී තමන් කොරෝනා ආසාදිතයකු බව දැනුම් දුන් බැවින් විශාල අපහසුතාවකට පත්වූ බව ඇය ප්‍රකාශ කළාය. තම දරුවන් මෙන්ම අසල්වාසීන් පවා මේ හේතුවෙන් විශාල ගැටලුවක්ට පත්ව සිටින බව ඇය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!