කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, අද (25) දින පස්වරු 2.00ට පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විමට හැකියාව ඇත.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙම වැසි තත්ත්වය දැකිය හැකි බවයි සඳහන් වෙන්නේ.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අතරතුර මධ්‍යම, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් අනතුරු ඇතිවිය හැකි බැවින්, ඒවා අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.


