කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 48,488ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,411ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 797ක් ඉහල යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,867ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 466
- ඇක්මී සමාගම මිලියන 464
- මෙල්ටා ක්‍රොප් සමාගම මිලියන 455
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඇක්මී සමාගම කොටස් මිලියන 76
- සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 25
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 22
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඇක්මී සමාගම 37%
- කර්නර් හවුස් 28%
- ලේක් හවුස් ප්‍රින්ටර්ස් සමාගම 21%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 343
කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 342
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 322
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 53ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 578ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 525ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- වින් ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 08
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 04
- ජැට් හෝල්ඩිංස් රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- මෙල්ස්ටා ක්‍රොප් රුපියල් මිලියන 430
- හේලීස් එම් ජී ටී සමාගම රුපියල් මිලියන 30
- හේමාර්ස් සමාගම රුපියල් මිලියන 19
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


