27.5 C
Galle

රන් මිල යළි ඉහළට

Published:

දේශීය වෙළෙඳපොළේ රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (25) යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ අනුව, ඊයේ දිනයේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 385,000ක් ලෙස සටහන් වූ අතර, අද දිනයේ එය රුපියල් 8,000කින් ඉහළ ගොස් රුපියල් 393,000ක් දක්වා වර්ධනය වී ඇත.

එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිලද ඉහළ ගොස් ඇති අතර, ඊයේ රුපියල් 354,200ක් ලෙස සටහන් වූ මිල අද වනවිට රුපියල් 361,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සතිය තුළ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදය හේතුවෙන් දේශීය රන් වෙළෙඳපොළේ මිල ඉහළ යාමක් දක්නට ලැබුණු අතර, ඊයේ දිනයේදී එහි අඩුවීමක් වාර්තා වූ බවද එම සංගමය පෙන්වා දෙයි. එහෙත් අද දිනයේ නැවතත් මිල ඉහළ යාමක් පෙන්නුම් කරමින් වෙළෙඳපොළේ අස්ථාවර ස්වභාවය තවදුරටත් පවතින බව පැහැදිළි වේ.

Related articles

Recent articles

error: Content is protected !!