දිවයිනේ පළාත් හතරක සහ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද(26) ඉහළ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත් සහ අනුරාධපුරය, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇත.
මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් දී ඇති අතර විශේෂයෙන්, ප්‍රමාණවත් පරිදි පිරිසිදු ජලය පානය කිරීම, හැකි සෑම විටම සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සහ අධික වෙහෙසකාරී කටයුතු සීමා කර විවේකීව සිටින ලෙස දැනුම් දී ඇත.
විශේෂයෙන්ම එළිමහනේ සේවය කරන පුද්ගලයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.


