පානම, කුඩිම්බිගල ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ විසූ විදේශීය භික්ෂූන් වහන්සේ නමක අද (26) අලුයම කොටියකුගේ පහරදීමකට ලක්වීමෙන් අපවත්වී ඇති බව පානම පොලිසිය පවසයි.
මෙලෙස අපවත්වී ඇත්තේ එම ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ 43 හැවිරිදි විදේශීය ජාතික හිමිනමකි.
පානම නගරයේ සිට කිලෝමීටර් 9ක් පමණ දුරින් ඝන වනාන්තරය මධ්‍යයේ පිහිටා ඇති කුඩිම්බිගල ආරණ්‍ය සේනාසනය, දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා රැසක් භාවනානුයෝගීව වැඩවසන ස්ථානයකි. පොලිසිය සඳහන් කරන්නේ, මෙම හිමිනම භාවනා කරමින් සිටියදී වන සත්ව ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


