කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 30,906ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,265ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 448ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,419ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සී අයි සී සමාගම රුපියල් මිලියන 391
- ඇක්මී සමාගම මිලියන 338
- ජෙට්වින් සිම්පනි සමාගම මිලියන 248
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඇක්මී සමාගම කොටස් මිලියන 51
- ජෙට්වින් සිම්පනි සමාගම කොටස් මිලියන 18
- සීඅයිසී කොටස් මිලියන 12
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 25%
- ග්‍රීන් ටෙක් එනර්ජි 08%
- සිලෝන් ලෑන්ඩ් කම්පනි සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 338
කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 336
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 52ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 56ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 04ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 17
- ඩීඑෆ්සීසී රුපියල් මිලියන 15
- ජෙට්වින් සිම්ෆනි රුපියල් මිලියන 05
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සියරා කේබල් රුපියල් මිලියන 20
- මර්කන්ටයිල් ෂිපින් සමාගම රුපියල් මිලියන 11
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 07
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


