28.7 C
Galle

කොටස් වෙළඳපොළ වටිනාම සමාගම කොමර්ෂල් බැංකුව

Published:

අද (27)  දින ගනුදෙනු අතර, මෙතෙක් කොළඹ කොටස් වෙළඳපොළ වටිනාම සමාගම ලෙස ප්‍රමුඛස්ථානයේ තිබූ ජෝන් කීල්ස් සමාගමේ කොටස් වටිනාකම අභිබවා කොමර්ෂල් බැංකුවේ කොටස් වටිනාකම රුපියල් බිලියන 338ක් ලෙස වාර්ථා කරමින් ප්‍රථම ස්ථානයට පත්වීම විශේෂත්වයකි.

කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 23,796ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,675ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 44ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,375ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 558
  • ඩිමෝ සමාගම මිලියන 247
  • ඇක්මී සමාගම මිලියන 227

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇක්මී සමාගම කොටස් මිලියන 34
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම  කොටස් මිලියන 27
  • ටෙක්ස්චර්ස් ජර්සි කොටස් මිලියන 20

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම 13%
  • ඩිමෝ සමාගම 11%
  • කහවත්ත ප්ලාන්ටේෂන් සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 338
  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 325
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 321

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 38ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 40ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 02ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 35්‍
  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 1

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සියරා කේබල් රුපියල් මිලියන 08
  • ඩයලොග් ආසියාටා සමාගම  රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ  

Related articles

Recent articles

error: Content is protected !!