28.9 C
Galle

ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්

Published:

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් අද (29) ප්‍රදේශ කිහිපයකට පැය 05ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය: (කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස සහ රත්මලාන)

වෙනත් ප්‍රදේශ: මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර.

මෙම ජල කප්පාදුව පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් 1939 ක්ෂණික ඇමතුම් අංකය මගින් ජල සම්පාදන මණ්ඩලය සම්බන්ධ කර ගත හැකි බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම කාලසීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Related articles

Recent articles

error: Content is protected !!