29.4 C
Galle

පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ

Published:

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ පසුගියදා ඇතිවූ දෝෂ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව, එහි සේවාවන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

පද්ධති බිඳවැටීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේදී මහජනතාවට මුහුණ පෑමට සිදුවූ අපහසුතාවයන් මඟහරවා ගනිමින්, නව සේවා සැපයීමේ කාලසටහනක් යටතේ කටයුතු කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය පහත පරිදි වේ:

  • මාර්තු 30 (සඳුදා): පසුගිය මාර්තු 23, 24 සහ 26 යන දිනවල පද්ධති දෝෂ හේතුවෙන් එක්දින සේවය යටතේ හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හැඳුනුම්පත් නිකුත් කරනු ලැබේ.
  • මාර්තු 31 (අඟහරුවාදා): බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාවන් සුපුරුදු පරිදි යළි ආරම්භ කෙරේ.
  • අප්‍රේල් 06 (සඳුදා): දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවා කටයුතු සම්පූර්ණයෙන්ම යළි ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය දිනවල දෙපාර්තමේන්තුව වෙත පැමිණි ජනතාවට මෙම පද්ධති දෝෂය හේතුවෙන් දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුවූ අතර, මේ වන විට තාක්ෂණික ගැටලු සම්පූර්ණයෙන්ම සමනය කර ඇති බව බලධාරීහු තහවුරු කරති. ඒ අනුව, ඉහත කාලසටහනට අනුකූලව තම සේවා අවශ්‍යතා සපුරාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!