27.3 C
Galle

ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා

Published:

2026 වර්ෂය සඳහා වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය සහ අයදුම්පත් කැඳවීමේ කාලසීමාව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව, 2026 ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු මස 09 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිතය. විභාගය සඳහා වන අයදුම්පත් අද (මාර්තු 30) සිට 2026 අප්‍රේල් මස 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බවද එම නිවේදනයේ අවධාරණය කර ඇත.

මෙම විභාගය සඳහා පෙනී සිටිය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරන ලද පෞද්ගලික පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණි. ශිෂ්‍යත්ව ආධාර ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල, 2027 ජනවාරි 31 වැනි දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් පමණක් බවද එහි දැක්වේ.

අයදුම්පත් යොමු කිරීම සහ අදාළ උපදෙස් ලබාගැනීම සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් අයදුම් කළ යුතු ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ උපදෙස් පත්‍රිකාවේ ඇතුළත් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා පහත අංක සම්බන්ධ කරගත හැකිය:

  • ක්ෂණික ඇමතුම් අංකය: 1911
  • දුරකථන අංක: 011-2784537, 011-2786616
  • විද්‍යුත් ලිපිනය: [email protected]

Related articles

Recent articles

error: Content is protected !!