කොළඹ කොටස් වෙළඳපල වටිනාම සමාගම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ වැඩිම කොටස් වටිනාකමක් සහිතව තිබූ ජෝන් කීල්ස් සමාගම පසුගිය සතියේ කොමර්ෂල් බැංකුවට වඩා වටිනාකමින් පහල බැස දෙවන ස්ථානයට පත්විය. අද දිනයේ ලංකා දුම්කොල සමාගමේ කොටස් වත්කම් බිලියන 321ක් ලෙස ද ජෝන් කීල්ස් සමාගයේ සමස්ථ වත්කම් බිලියන 318ක් ලෙස ද වාර්ථා විය. ඒ අනුව ජෝන් කීල්ස් සමාගම අද දිනයේ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ වටිනාකමින් තුන්වන ස්ථානයට පත්ව ඇත.
කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 26,223ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,173ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 283ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,092ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 345
- සම්පත් බැංකුව මිලියන 312
- ලංකා අයි ඕ සී සමාගම මිලියන 182
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 19
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 19
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 09
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙලාන් මර්චන්ට් එක්ස් සමාගම 50%
- ඉන්ෂූමි සමාගම 07%
- ටෙස් ඇග්‍රො සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 334
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 321
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 55ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 87ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 32ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- අම්බන් කැපිටල් රුපියල් මිලියන 21
- ඩී එෆ් සී සී රුපියල් මිලියන 11
- ලාෆ්ස් ගෑස් එක්ස් මිලියන 06
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ලංකා මිලික් ෆුඩ්ස් රුපියල් මිලියන 72
- ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 03
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


