31.6 C
Galle

හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි

Published:

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ යම් වෙනසක් අප්‍රේල් මස දෙවැනිදා වන හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වුවද පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇත.

ඉදිරි කාලසීමාව තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් දකුණු පළාතටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇත.

මීට අමතරව මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ඌව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් එමගින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!