25.6 C
Galle

මහනුවර එළවළු වෙළෙඳ පොළ වසා දමයි. මහයියාවේත් ආසාදිතයන්

Published:

මහනුවර මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ එළවළු වෙළෙඳ පොළ වසා දැමීමට පියවර ගත් බව සෞඛය අංශ පවසයි. අම්පිටිය සෙමනේරිය හා හල්ලොලුව ප්‍රදේශවලින් වාර්තා වූ කොරෝනා ආසාදිත පුද්ගලයකු මෙම එළවළු වෙළෙද පොළේ වෙළෙඳාමේ යෙදී ඇති බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර මහයියාව නගර සභා ගම්මානයෙන් කොරෝනා ආසාදියකු වාර්තාවීම හේතුවෙන් එම ගම්මානයේ පදිංචිකරුවන් 91 දෙනකුගේ ජෛව සාම්පලා පීසීආර් පරීක්ෂණයකට යොමු කළ අතර ඉන් 03 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ සොයා බලා ඔවුන් නිරෝධායනය සඳහා යොමුකරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!