25.6 C
Galle

ඊයේ (23) හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ විස්තර

Published:

ඊයේ (23) දිනයේ අලුතින් කොවිඩ් ආසාදිතයින් 337 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගැණුනේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 189කි.

ඊයේ දින හඳුනාගත් ආසාදිතයින්ගෙන් 335 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. 

සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බව සඳහන් වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11ක් වාර්තා වී තිබුණි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 20,507 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට ආසාදිතයින් 5,921 ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

සමස්ත ආසාදිතයින්ගෙන් 14,496 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඊයේ දිනයේ දී ද ආසාදිතයින් 428 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබුණි.

මේ අතර මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස සැළකෙන මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,974 කි. 

ඊයේ දිනය තුළ අලුතින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් – 189

අලුත්කඩේ – 68
ග්‍රෑන්ඩ්පාස් – 25
කොටහේන/බ්ලුමැන්ඩල් – 22
කොළඹ 15 – 19
දෙමටගොඩ – 15
බොරැල්ල – 14
කිරුළපන – 11
වැල්ලවත්ත – 05
මරදාන – 04
මිරිහාන – 02
වැල්ලම්පිටිය – 02
කුරුඳුවත්ත – 01
අංගොඩ – 01


ගම්පහ දිස්ත්‍රික්කයෙන් – 47

වේයන්ගොඩ – 22
මිනුවන්ගොඩ – 05
මීගමුව – 05
සීදුව – 05
රද්දොළුව – 03
ගම්පහ – 01
බියගම – 01
ජා ඇළ – 01
ජයබිම – 01
කටාන – 01
කටුනායක – 01
මහබාගේ – 01

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් – 01

පුත්තලම දිස්ත්‍රික්කයෙන්  – 11

හලාවත – 08 
ආරච්චිකට්ටුව – 02
කල්පිටිය – 01

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් – 06

කුරුණෑගල – 04
වීරඹුගෙදර 02

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් – 11

බණ්ඩාරවෙල – 1
මස්කෙළිය – 06
නෝටන්බ්‍රිජ් – 03
ගිනිගත්හේන – 01

රත්නපුර දිස්ත්‍රික්කයෙන් – 02
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් – 01
ගාල්ල දිස්ත්‍රික්කයෙන් – 01


කළුතර දිස්ත්‍රික්කයෙන් – 06

අඟුරුවාතොට – 01
තෙබුවන – 01
වාද්දුව – 02
පයාගල – 01
කොරවැල්ල – 01

කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් – 01

මහනුවර දිස්ත්‍රික්කයෙන් – 08

මහනුවර – 05
ගලහ – 02
පේරාදෙණිය – 01

ඊට අමතරව පොලීසියේ නිලධාරීන් 20 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 13 දෙනෙකුට ඊයේ දිනයේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැණුනි.

ප්‍රදේශය හඳුනානොගත් ආසාදිතයින් 17 දෙනෙකු ද ඊයේ දිනයේ වාර්තාවිණි.

Related articles

Recent articles

error: Content is protected !!