25.6 C
Galle

බණ්ඩාරගමින් තවත් ආසාදිතයන් වාර්තා වෙයි

Published:

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බමුණුමුල්ල තයිබර් ශාලා භූමියේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 30කට අධික පිපරිසක් සොයාගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ පවසයි.

මේ අනුව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 196ක් දක්වා ඉහළ ගොස් තිබේ. 23 වැනි දා රාත්‍රියේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 74 දෙනකු අටළුගම ඇතුළු හුදකලා කර ඇති ගම්මානවලින් වාර්තා විය. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 1155කි

Related articles

Recent articles

error: Content is protected !!