27.7 C
Galle

බැසිල් නිදොස්‌ කොට නිදහස් වෙයිද? තීන්දුව 30 වැනි දා

Published:

රුපියල් කෝටි 30ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට ගොනුකර ඇති චෝදනාවලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් නිදහස් කරන්නැයි කර ඇති ඉල්ලීම සම්බන්ධ තීන්දුව ලබන 30 වැනි දා (සඳුදා) ලබාදීමට නියමිතය.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල් මෙලෙස අයථා ලෙස පරිහරණය කර ඇතැයි චෝදනා නගා තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ විසින් මෙම දිනය ලබා දී ඇත.

බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තියේ නීතිඥයන් විසින් ඉල්ලා ඇත්තේ මෙම චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ කර නොමැති බැවින්  අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් සියලු දෙනා ම නිදොස්කොට නිදහස් කරන ලෙසයි.

Related articles

Recent articles

error: Content is protected !!