26 C
Galle

මහනුවර ENT ඒකකය වසා දමයි. කාර්යමණ්ඩලයේ 18ක් ආසාදිතයි

Published:

මහනුවර මහ රෝහලේ ENT හෙවත් උගුර, කන හා නාසය ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා තිබේ. එම ඒකකයේ 18 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් එලෙස ඒකකය වසා දමා ඇත.

රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පවසන්නේ මීට පෙර අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම ඒකකයේ හෙදියන් දෙදෙනකු ආසාදිත බව හඳුනාගත් බවයි. ඉන් පසු ඒකකයේ කාර්ය මණ්ඩලයට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් වෛද්‍යවරයකු සහ හෙද කාර්ය මණ්ඩලයේ 07 දෙනකු ඇතුළු තවත් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!