24.5 C
Galle

දංකොටුවේ කම්හලක 54 දෙනකුට කොරෝනා

Published:

දංකොටුව කටුකෙන්ද ආසන්නයේ පිහිටි මත්ස්‍ය අපනයන කර්මාන්තශාලාවක සේවය කළ සේවකයන් 54 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙහි මත්ස්‍ය ඇසුරුම් කටයුතු කළ සේවකයන්ට මෙලෙස කොරෝනා ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම කර්මාන්තශාලාවේ 400ක් පමණ සේවකයන් සිටින බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මෙම කර්මාන්තශාලාවේ සේවකයන් 73 දෙනෙකුට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් සේවකයන් 37 දෙනකු හා පුද්ගලික රෝහල සේවකයන් 111 දෙනකුට කරන ලද පරීක්ෂණවලින් තවත් 17 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබේ.

අදාල ආසාදිතන් දඹදෙණිය, දංකොටුව, බිංගිරිය යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.  

Related articles

Recent articles

error: Content is protected !!