24.5 C
Galle

ගුරු පුරප්පාඩු 20,000ක්. ගුරු විභාගය සමත් 15,000ක් ගෙදර

Published:

පාසල්වල ගුරු පුරප්පාඩු 20,000කට වැඩිය තිබිය දී ගුරු විභාගය සමත් වූ උපාධිධාරීන් 15,000කට වැඩි පිරිසක් රැකියා විරහිතව නිවෙස්වල සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.

එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් පවසන්නේ උතුරු නැගෙනහිර හැර සෙසු පළාත්වල මෙලෙස ගුරු විභාගය සමත්වූ පිරිස් සිටින බවයි.

මේ අනුව පළාත් පාසල්වල ඇති ගුරු පුරප්පාඩු පිරවීම සඳහා මෙම පිරිස් බඳවාගන්නා ලෙස ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා සිටීමේ වැඩපිළිවෙලක් සකස් කළ බව ද හිමියෝ කීහ. එමෙන් ම පාසල්වල ඇති ගුරු පුරප්පාඩු ගණනය කර ඒ සඳහා බඳවාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ද එම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!