24.3 C
Galle

සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව කියයි

Published:

සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සාමාන්‍ය පරිදි හෙට (12) දිනයේ පවත්වන බව විදුහල්පතිනි සන්ධ්‍යා පතිරවසම් පවසයි.

කළුබෝවිල රෝහලේ දි මියගිය ගාල්ලේ පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඇගේ බිරිඳ සවුත්ලන්ඩ්ස් ගුරුවරියක වීමත් හේතුවෙන් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වන්නේ ද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ අද විදුහල්පතිනිය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය සමඟ සාකච්ඡා කර තිබිණි. එහි දී තීරණය වී ඇත්තේ විද්‍යාලය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි.

එම ගුරුවරියගේ දියණියක් ද සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ශිෂ්‍යාවකි. සෞඛ්‍ය අංශ පවසන්නේ මියගිය තැනැත්තා කොරෝනා ආසාදිතවී සිටි අයකු බව දැනගැනීමත් සමගම විද්‍යාල භූමිය විෂබීජහරණය කිරීමට කටයුතු කළ බවයි. එමෙන්ම එම ගුරුවරියගේ ආශ්‍රිතයන් සියලු දෙනා නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් විද්‍යාලය පැවැත්වීමට හැකියාව ඇති බවත් තීරණය කර ඇති බැවින් පාසල වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යාපන බලධාරීන් පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!