24.3 C
Galle

මෙරට දිනක දී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තාවෙයි

Published:

ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ අද (02) දිනයේ දී ය. එම සංඛ්‍යාව 858කි.

මීට පෙර දිනක දී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූයේ ඔක්තෝබර් 23 වැනි දින වාර්තා වූ ආසාදිතයන් 865යි.

අද (02) සවස ආසාදිතයන් 350ක් පිළිබඳ තොරතුරු කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ලබාදුන් අතර යළි රාත්‍රියේ තවත් ආසාදිතයන් 528ක් පිළිබඳ තොරුතුරු ලබාදෙන ලදි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ සියලු රෝගීන් මීට ඉහත වාර්තා වූ රෝගීන්ගේ ආශ්‍රිතයන් බවයි.  

Related articles

Recent articles

error: Content is protected !!