24.3 C
Galle

කරාපිටිය වෛද්‍ය ශිෂ්‍යාවගේ ආශ්‍රිතයන්ට කොරෝනා නෑ

Published:

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන්වසර ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු ඇගේ ආශ්‍රිතයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඒ කිසිවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඇය සායනික පුහුණු කටයුතුවල නිරතව සිටි කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය, රෝගීන් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනකු සඳහා මෙලෙස පීසීආර් පරීක්ෂණ ඊයේ (02) දිනයේ සිදුකර තිබූ අතර අද (03) උදෑසන එහි ප්‍රතිඵල නිකුත් කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!