24.3 C
Galle

ගාල්ලේ පීසීආර් 541ක ප්‍රතිඵල අපේක්ෂාවෙන්

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් පෙරේදා (01) කොරෝනා ආසාදිත මරණයක් සහ තවත් ආසාදිත කාන්තාවක් හමුවීම හේතුවෙන් ඊයේ (02) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද (03) සවස්වනවිට ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මියගිය තැනැත්තාගේ බිරිඳ ඇතුළු සමීප ආශ්‍රිතයන්ට කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ඊයේ (02) ලැබිණි. ඉන් තහවුරු වූයේ ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

ඇත්තිලිගොඩ පදිංචි කොරෝනා ආසාදනය වූ කාන්තාව රෙදි මහන ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර එතැනම කැඳ අළෙවි කිරීමම ද සිදුකර තිබිණි. ඇය අසළ විහාරස්ථානයේ කඨින පිංකම සඳහා ද සක්‍රීය දායකත්වයක් ලබා දී තිබිණි. මේ හේතුවෙන් ඒ අවට පදිංචිකරුවන් 541ක පිරිසකගේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!