24.3 C
Galle

කොමිෂන් සභාවලට සභාපතිවරු පත්වෙති. මැතිවරණයට පුංචිහේවා, පොලිසියට චන්ද්‍රා ප්‍රනාන්දු

Published:

ස්වාධීන කොමිෂන් සභා පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය හිමිව තිබේ. පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස රැස්වූ අවස්ථාවේ දී එම නම් අනුමත කර ඇත.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයට නීතිඥ නිමල් පුංචිහේවා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධූරයට විනිසුරු ජගත් බාලපටබැඳි, පොලිස් කොමිෂන් සභාවේ සභාපතිධූරයට හිටපු පොලිස්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දු, අල්ලස් කොමිසමේ සභාපති ධූරයට විනිසුරු ඊවා වනසුන්දර, මුදල් කොමිසමේ සභාපති ධූරයට හිටපු කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ යන අය පත්කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!