26.7 C
Galle

මහනුවර බසයේ ගෙනගිය ක්ලේමෝ බෝම්බය අත්අඩංගුවට. තවත් ආයුධ රැසක් සොයාගනී

Published:

යාපනයේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බසයක තම දරුවා ද සමඟ කිලෝ 15ක් බරැති අධි බලැති ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටි යුවළක් අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලිසිය පවසයි.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිසිය, යුද හමුදාවේ බුද්ධි අංශය සහ ත්‍රස්ත විමර්ශන ඒකකය ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකිනි. කිලිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ප්‍රශ්න කිරීම්වලින් අනාවරනය වී ඇත්තේ ඉයක්ච්චි ප්‍රදේශයේ ස්ථානයකට මෙම බෝම්බය රැගෙන යමින් සිටි බවයි. එම ස්ථානයේ සිටින්නේ එල්ටීටීඊ සංවිධානයේ ප්‍රතිසංවිධාන නායකයකු වූ ගෝපිනාදන් නොහොත් ගෝපිගේ මව බව ද හඳුනාගෙන ඇත.

ගෝපිගේ මවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී එම ගෙවත්තේ වළ දමා තිබූ තවත් යුද උපකරණ තොගයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත. එහි පදිංචිව සිටි තවත් සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ ප්ලාස්ටික බැරලයක දමා ආරක්ෂිතව වළ දමා තිබූ අත්බෝම්බ දෙකක්, පිස්තොල උණ්ඩ 50ක්, ටී 56 උණ්ඩු 20ක්, ස්නයිබර් ගිනි අවියකට භාවිතා කරන බවට විශ්වාස කරන දුරකථනයක්, ගිනි අවි පිරිසිදු කරන තෙල් බෝතල් දෙකක්, වීඩියෝ කැමරාවක්, පිස්තෝල දෙකක් හමුවී තිබේ.  

Related articles

Recent articles

error: Content is protected !!