30 C
Galle

හොරණ සිට ආසාදිතයන් රැගෙන ගිය බසයක් අනතුරක

Published:

හොරණ සිට පූනානී කොරෝනා ප්‍රතිකාර මධයස්ථානය වෙත කොරෝනා ආසාදිත පුද්ගලයන් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට පත්ව ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.

කල්මුණේ සිට කදුරුවෙල දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක මෙම බස් රථය ගැටීමෙන් අනතුරු සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ එහි කොරෝනා ආසාදිතයන් 23 දෙනකු සිටි බවත් පොලිසිය පවසයි. අනතුර හේතුවෙන් බස් රථ දෙකේම රියදුරන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ආසාදිතයන් 23 දෙනා ම සෞඛ්‍ය ආරක්ෂිතව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!