30 C
Galle

පොලිස් ස්ථාන 82ක ආසාදිතයන් වාර්තාවෙලා. 925කට සුවයි

Published:

පොලිස් ස්ථානය 85කින් කොරෝනා ආසාදිත නිලධාරීන් 1277ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනෙකු ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකු ද සිටිති.

කොටුව පොලිසියේ නිලධාරීන් 162 දෙනකුටද, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 107 දෙනකුටද, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 68 දෙනකුටද, කෙසෙල්වත්ත පොලිසියේ  76 දෙනකුටද, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් 39 දෙනකුටද,  මරදාන පොලිසියේ නිලධාරීන් 23 දෙනකුටද, පිටකොටුව පොලිසියේ නිලධාරීන් 20 දෙනකුටද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15 දෙනකුටද, පරිසර  ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 12 දෙනකුටද, පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් 08 දෙනකුටද, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 09 දෙනකුටද, පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ නිලධාරීන් 23 දෙනකුටද, කුරුඳුවත්ත පොලිසියේ 31 දෙනකුටද, මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

කොරෝනා වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් 1277  දෙනා අතුරින් 925 දෙනකු  සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර  නිලධාරීන් තවත් 352 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!