30 C
Galle

ගාල්ලේ ගම් පහකට සීමා සහිත සංචරණ සීමා

Published:

 ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා සීමා සහිත සංචරණ සීමා පනවන බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇත්තේ තලාපිටිය, ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් බලප්‍රදේශවලටය.

මෙම ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් වසංගය පැතිරීයාමේ අවදානමක් ඇතිබැවින් මෙම තීරණය ගෙන ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ එම ගම්මානවල පදිංචිකරුවන් විශාල පිරිසකට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇති බැවින් මෙලෙස සීමා සහිත සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.

ඒ අනුව ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණු පසු සංචරණ සීමා ඉවත්කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ද සීමාවන් පනවා ඇති ප්‍රදේශවලට ඇතුළු වන අයට යළි පීටතට ඒමට නොහැකිවන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!