29.5 C
Galle

මස්කෙළිය-නල්ලතන්නිය පාර පස් කන්දකින් අවහිර වෙයි

Published:

මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිණී ඇල්ල අසළ මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

දිගින් දිගටම පැවැති අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කන්ද කඩා වැටී ඇති බවත් එම පස් ඉවත් කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ නෝර්වුඩ් කාර්යාලයෙන් සිදුකරන බවත් පොලිසිය කියයි.  තවදුරටත් එම ප්‍රදේශයේ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!