29.5 C
Galle

ගාල්ලේ බැංකු සේවිකාවගේ පවුලේ 04කට කොරෝනා

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (05) මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 06 දෙනා අතරින් පුද්ගලයන් 04 දෙනකු ම රත්ගම බැංකුවක නිලධාරිනියගේ ආශ්‍රිතයන් බවත් ඔවුන් එකම නිවසක පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය අංශ පවසයි.

අනෙක් දෙදෙනා වෙන් වෙන් වශයෙන් කොරෝනා ආසාදනය වූ අය බව ද දැනගන්නට ඇත.

මෙම සියලු දෙනාගේම ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකර සිටින බවත් හෙට (06) දිනයේ ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, මාගාල්ල, තලාපිටිය හා දෙද්දුගොඩඩ උතුර ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන් 1,000ක පමණ පිරිසකට PCR පරීක්ෂණ සිදුකිරීමට සැළසුම් කර ඇති බවත් සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

Related articles

Recent articles

error: Content is protected !!