27.2 C
Galle

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට

Published:

ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛය පරීක්ෂකවරු සහ පුහුණුව ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකිරීමට සිදුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා පවසයි.

මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුවේ යෙදී සිටින අයකු කොරෝනා ආසාදිත වීම හේතුවෙනි. ඔහු සමඟ සේවයේ යෙදී සිටි පිරිසක් නිරෝධායනය කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 05 දෙනෙක් ඔහුගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇති බැවින් එම පිරිස වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. එමෙන් ම ඔහු සම මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව ලබමින් එකට සේවය කළ තවත් 21 දෙනකු ද නිරෝධායනයට යොමු කර ඇත.

කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණු මධ්‍යස්ථානයේ සිටි පුහුණුව ලබන නිලධාරීන් තවත් 50 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 16 සඳහා සේවයේ යොදවා සිටියහ. ඔවුන්ගෙන් 28 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයේ ම නිරෝධායනයට යොමුකර ඇති අතර තවත් 22ක් කළුතර පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!