24.8 C
Galle

භාවනානුයෝගී විදෙස් හිමියන්ගේ සිරුර රත්ගම කලපුවේ

Published:

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ විදෙස් රටක හිමි නමකගේ දේහය රත්ගම කලපුවේ පාවෙමින් සිටියදී අද (8) සොයා ගත් බව රත්ගම පොලීසිය කියයි.

මෙසේ සොයා ගනු ලැබූවේ නෙදර්ලන්තයේ ජිනවංශ නමැති හැට හැවිරිදි විදෙස් හිමි නමගේ දේහය බවද පොලීසිය කියයි.

මේ හිමි නම තමන් වැඩ විසූ ආරණ්‍ය සේනාසනයෙන් දින කිහිපයක සිටම අතුරුදහන්වීමෙන් අනතුරුව රත්ගම කලපුවේ සොයා බැලීමේදී සිරුර කලපුවේ පාවෙමින් තිබියදී අද (8) සොයා ගත් බවද පොලීසිය කියයි.

උන්වහන්සේගේ කවුරුන් විසින් හෝ ඝාතනය කර කලපුවට දැමූවේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.

රත්ගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!