24.8 C
Galle

හබරාදුව පදිංචි HND සිසුවකුට කොරෝනා

Published:

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ තල්පේ දොඩම්පේ ප්‍රදේශයේ පදිංචි තරුණයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම තරුණයා උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක් හදාරන අතර එම ආයතනයෙන් පුහුණුවක් සඳහා කොළඹ පුද්ගලික ආයතනයකට යොමුකර සිටි බව දැනගන්නට ඇත.

එම ආයනයේ අනිකුත් සේවක සේවිකාවන් සමඟ මෙම තරුණයාගේ ද පීසීආර් පරීක්ෂණයක් කොළඹ පුද්ගලික රෝහලකින් සිදුකර ඇති අතර එම වාර්තාව අනුව තරුණයා කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.

ඔහු රෝහල්ගත කිරීමටත් සමීප ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීමටත් පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!