24.8 C
Galle

වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් ආසාදිතයන් 18ක් අද වාර්තාවෙයි

Published:

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ ඊයේ (08) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 340ක් අතරින් මේ වනවිට ආසාදිතයන් 18 දෙනකු වාර්තා වී ඇති බවත් තවත් සැක සහිත වාර්තා 20ක් ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ එකම ප්‍රදේශයකින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය මෙය බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයන් රෝහල්ගත කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් හැකි ඉක්මණින් නිරෝධායනය සඳහා යොමුකිරීමටත් පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!