24.8 C
Galle

වැලිගමින් ගල්බොක්කෙන් අද තවත් ආසාදිතයන් 06. මුළු ගණන 24 දක්වා ඉහළට

Published:

වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු හමුවී ඇතැයි අද (10) උදෑසන සෞඛ්‍ය අංශ පැවසීය.

මේ අනුව ගල්බොක්ක ප්‍රදේශයෙන් පෙරේදා (08) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් සොයාගත් ආසාදිතයන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ අවදානම හේතුවෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේගේ උපදෙස් මත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 06කට සංචරණ සීමා පනවා තිබේ.

ඒ අනුනව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කෝට්ටගොඩ, කොහුණුගමුව හා හෙට්ටිවීදිය යන ග්‍රාම නිලධාරී වසම්වල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!