24.8 C
Galle

අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වැසෙයි

Published:

අලුත්ගම හා බේරුවල නගරවල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වසා දැමීමට කටයුතු කළ බව සෞඛය අංශ පවසයි.

පසුගිය 07 හා 08 වැනි දිනවල අලුත්ගම දී හා බේරුවල දී කරන ලද පීසීආර් පරීක්ෂණවලින් පුද්ගලයන් 10 දෙනකු ආසාදිත බවට තහවුරු වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

බේරුවල නගරයේ අවන්හල් දෙකකින් ආසාදිතයන් 04 දෙනකු ද අලුත්ගම නගරයේ ව්‍යාපාරික ස්ථාන පහකින් ආසාදිතයන් 06 දෙනකු ද හමුවී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම ව්‍යාපාරික ස්ථානවල සේවය කළ අනෙක් පිරිස නිරෝධායනයට යොමුකර ඇති බවයි.  

Related articles

Recent articles

error: Content is protected !!