24.5 C
Galle

2021 අයවැය විවාදය අදින් අවසන්. ඡන්ද විමසීම අද සවස

Published:

2021 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමේ ඡන්ද විමසීම අද (10) සවස 5.00 පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

2017 නොවැම්බර් 17 වැනි දා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එතැන් සිට දින 21ක් අය වැය විවාදය පැවැත්විණි.

අද අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 18 සිට 21 වැනි දා දක්වා පැවැති අතර දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 99කින් අයවැය සම්මත විය.

ඉන්පසු අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදය නොවැම්බර් 23 වැනි දා ආරම්භ විය. එම විවාදය අද මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද කිරීම මගින් අවසන්වන අතර ඡන්ද විමසීම සිදුවන්නේ ඉන් අනතුරුවය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර අයවැය විවාදය වාර්තාකිරීමේ අවස්ථාව මාධ්‍යවේදීන්ට අහිමිවී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!