24.5 C
Galle

සිරුරු ආදාහනයට විරුද්ධ නිසා ඒවා භාර නොගන්නා බව හකීම් කියයි

Published:

කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර රෝහල්වලඑකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් සඳහන් කරයි.

ඔවුන් එම මෘතදේහය බාර නොගන්නේ රජයට විරෝධය පෑමට යයිද ඔහු කියා සිටියි.

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයක් අදාහනය කල යුතු යයි රජය විසින් කර ඇති අසාධාරණ බලපෑමට විරෝධය පළ කිරීමක් ලෙස මෙම කටයුත්ත කර ඇතැයිද ඔහු පැවසීය.

දැන්වත් රජය ජනතා විරෝධය තේරුම්ගෙන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමදානය ට අවසර දිය යුතු බවද ඔහු කියා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!