24.5 C
Galle

පාසලේ වැඩසටහනට දර්ශන ගන්න ඩ්‍රෝන යැවූ පිරිසක් අත්අඩංගුවට

Published:

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවමින් සිටි ස් දනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරලැස්ගමුව, ගණේමුල්ල, ඉබ්බාගමුව හා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පවසයි. ඔවුන් දැන්වීම් ආයතනයක පිරිසක් බවත් ඔවුන් අනුරාධපුර තම්මැන්නාපුර විදුහලට ආධාරදීම සඳහා එකඟතාව පළකර ඇති පුද්ගලික ආයතනයක් වෙනුවේන වාර්තා වැඩසටහනක් පටිගත කිරීමට පැමිණි බව අනාවරණය වී ඇතැයි ද පොලිසිය කීවේය.

අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ මෙම පාසල පිහිටා ඇති අතර ඩ්‍රෝන කැමරාව ගුවන් ගතකරන අවස්ථාවේදි ඒ බව ගුවන් හමුදා කදවුරේ රේඩාර් පද්ධතියේ සටහන්ව තිබුණි.ඒ අනුව ගුවන් හමුදා කදවුරේ නිලධාරින් විසින් පොලිසියට කළ දැනුම්දිම මත අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කිරිමේ චෝදනාව මත මෙම පුද්ගලයන් හා ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරැවන් පස් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!