24.5 C
Galle

රට පුරා 95,000ක් නිවෙස්වලටම කොටු වෙලා

Published:

කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් නිවෙස්වලම නිරෝධායනය වන පිරිස 95,000ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවුල් 35,000ක පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමුකර සිටින බවයි. නිරෝධායන කාල සීමාව තුළ මෙම පුද්ගලයන් සියලු දෙනාම නිරෝධායන නීති තරයේ පිළිපැදිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

දැනට වැඩිම පිරිසක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව ද හෙතෙම සඳහන් කළේය. එම පිරිස 14,000 ඉක්මවූ සංඛ්‍යාවකි.

Related articles

Recent articles

error: Content is protected !!