24.5 C
Galle

කාබනික පොහොර භාවිතය ගැන සොයන්න විද්වත් කමිටුවක්

Published:

ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතාව පිළිබඳ සොයා බැලීම සඳහා පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් පී. ද සිල්වා විසින් විද්වත් කමිටුවක් පත්කරන ලදී.

ආචාර්ය ප්‍රියන්ත යාපා, ආචාර්ය උදයකාන්ත විතාරණ, ආචාර්ය නිල්වලා කෝට්ටේගොඩ සහ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ යන අයගෙන් සමන්විත මෙම කමිටුව මගින් ශ්‍රී ලංකාවේ වගාවන් සඳහා යොදාගන්නා රසායනික පොහොර අවම කිරීම පිළිබඳ ඇති හැකියාව සොයා බලා ඒ සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සැළැස්මක් සකස් කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!