spot_img
spot_imgspot_img

සංචාරක සීමා නොතකා ගාල්ල කනම්පිටියේ මළ ගෙදරකට මහ පිරිස්

පුවත්

විදෙස්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැඩි සංචරණ සීමා පනවා ඇති කනම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණයක් සිදුවී ඇති බැවින් එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමකින් තොරව මහ පිරිසක් රැස්ව සිටින බව ප්‍රදේශවාසීහු කියති.

මේ වනවිට තනිපොල්ගහ සිට උඩුගම මාර්ගය දක්වා දිවෙන පාරේ එක් ස්ථානයක අර්ධයක් වැසී යන පරිදි වාහන නවතා තිබෙන අතර යතුරුපැදි හා පාපැදි 100ක් පමණ ඇති බව ද වාර්තාවෙයි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් අද (12) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පීසීආර් පරීක්ෂණයක් ද සිදුකර අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයකින් ද පසු සවස සිරුර ඥාතීන්ට භාර දෙන ලදී.

කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යන ප්‍රදේශයක් ලෙස හඳුනාගැනීම දැඩි සංචාරක සීමා පනවා ඇති ප්‍රදේශයක මේ ආකාරයෙන් එක් රැස්විය හැකි ද යන්න ගැටලුවකි.

මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් විට ඔවුන් කියා සිටියේ මරණයක් සිදුව ඇතත් මේ ප්‍රදේශයේ කිසිදු නිවසකට පිටස්තර පුද්ගලයන්ට පැමිණීමට අවසර නොමැති බවයි. එසේ කරන්නේ නම් එය නිරෝධායන පනත උල්ලංඝනය කිරීමේ වරදක් බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!