25.7 C
Galle

මස් නිෂ්පාදන කම්හලක් ඇමති නාමල් විවෘත කරයි

Published:

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිකරන ලස මස් සහ මස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක් අද (13) යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් විවෘත කෙරිණි.

මෙය දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් ආයතනයක් වෙයි. ඒ සඳහා රුපියල් බිලියන 1.5ක ආයෝජනයක් කර ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳ පොළ අවශ්‍යතාවයනේ 10% සපුරාලීම එහි අපෙක්ෂාවයි.

මෙමගින් රැකියා අවස්ථා 300ක් ද ලබා දීමට අපෙක්්ෂිතය. මෙම කර්මාන්තශාලාවේ සොසේජස්, මීට්බෝල්ස්, හැම්, බේකන් වැනි මස් ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම මෙන්ම දේශීය සාම්ප්‍රදායික ආහාර වර්ග ඇතුළුව උසස් තත්වයේ ගුණාත්මක නිෂ්පාදන නිපදවීමට අපේක්ෂිතය.

මෙහි නිෂ්පාදන මාලදිවයින, මැදපෙරදිග රටවල් සහ ඉන්දියාවට අපනයනය කිරීමට සැළසුම් කර තිබේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ශෂින්ද්‍ර රාජපක්ෂ, ඩී.වී.චානක, සිරිපාල ගම්ලත්, ප්‍රසන්න රණවීර යන අය ද  සහභාගී වී සිටියහ.

Related articles

Recent articles

error: Content is protected !!