27.2 C
Galle

ජා-ඇල සිටි මුණුපුරා නිවසට ආ නිසා නිරෝධායනය වූ සීයා හදිසියේ ම මියයයි

Published:

ස්වයං නිරෝධායනයට යොමුකර සිටිය දී මියගිය සිව්දරු පියකුගේ මරණ පරීක්ෂණයට පෙර පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට බගවනතලාව හදිසි මරණ පරීක්ෂක වර්දන් ධනලෙච්චුමි කටයුතු කළාය

මෙලෙස මියගොස් ඇත්තේ මොරා තේ වත්තේ පහළ කොටසේ පදිංචි කරුපයියා මුගන් නමැති 86 හැවිරිදි අයෙකි. මියගිය එම තැනැත්තාගේ මුණුපුරකු ජාඇල සීදූව ප්‍රදේශයේ සිට පසුගිය 10 වැනි දා එම නිවසට පැමිණ සිටි බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මියගිය තැනැත්තා ඇතුළු එම පවුලේ දස දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබිණි.

මියගිය තැනැත්තාගේ සිරුර දික්ඔය මූලික රෝහලට ගෙන ගොස් පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගෙන ඇති අතර එහි ප්‍රතිඵල වාර්තා ලැබුණු පසු මරණ පරීක්ෂණය පැවැත්වෙන බව බගවන්තලාව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!