29.5 C
Galle

අද යළි විවෘත වූ පෑළියගොඩ මාළු වෙළඳ සංකීර්ණය

Published:

කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් වසා දැමුණු පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (16) අළුයම 2.00 සිට විවෘත කෙරිණි.

ධීවර සංස්ථාව පවසන්නේ අද උදෑසන 8.00 දක්වා තොග වෙළෙඳාම සඳහා පමණක් මෙය විවෘත කරන බවයි. මේ හේතුවෙන් තොග වෙළෙඳුන්ට හැර වෙනත් කිසිවෙකුට මාළු වෙළෙඳ සංකීර්ණ භූමියට පිවිසීමට අවසරයක් ලැබෙන්නේ නැත.

මෙම වෙළෙඳ සංකීර්ණය පසුගිය ඔක්තෝබර් 21 වැනි දින වසා දමන ලද්දේ එහි වෙළෙන්දන් 50 දෙනකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙනි.

Related articles

Recent articles

error: Content is protected !!