30 C
Galle

කුරුණෑගලින් 04 වැනි මරණය වාර්තා වෙයි. මූලාශ්‍රය පැහැදිලි නෑ

Published:

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන 04 වැනි කොරෝනා මරණය ඊයේ (17) සිදුව ඇතැයි කුරුණෑගල රෝහල් ප්‍රකාශයකු පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල, බන්දාව, අළුත්ගම පදිංචි 62 හැවිරිදි කාන්තාවකි. ඇය හදිසියේ අසනීප වීම හේතුවෙන් 16 දා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.

එම කාන්තාව මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටින් රෝගයෙන් පීඩාවි ඇති බවයි.

එම කාන්තාවට කොරෝනා වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් නොමැති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!