30 C
Galle

පොල්ගසෙන් බැස ආ අද්භූත අවතාරය (වීඩියෝ සහිතයි)

Published:

මාධ්‍ය මගින් මිත්‍යාව හා අද්භූත දේ ජනගත කිරීම මේ වනවිට දිනපතාම පාහේ දක්නට ලැබේ. කැමරාවකට ඉතාමත් ආසන්නයෙන් ගමන් ගන්නා මැස්සකු කැමරා කාචයට පැහැදිලිව නාභිගත (Focus) කරගැනීමට නොහැකි වූූ විට දිස්වන්නේ අද්භූත ආකාරකිනි.

මේවැනි දර්ශන දකින ඇතැම් පිරිස් ඒවා තම මිත්‍යා විශ්වාස හා ගලපති. ඒවා අද්භූත හොල්මන් සහ අවතාරයැයි කියන්නේ කිසිදු විමර්ශන බුද්ධියකින් තොරවය. මාධ්‍ය මගින් ද ඒවාට ඇතැම් අවස්ථාවල දී ප්‍රචාරයක් ලැබේ. කැමරාව ඉදිරියෙන් ගිය කෘමි සතකු පොල් ගසින් බැස ආ අද්භූත හොල්මනක් බවට පත්ව ඇතිි ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ මේ ආකාරයෙනි. කල්පිත කෙරෙහි මිනිසුන් යොමු වන්නේත් කුඩා දරුවන් පමණක් නොව හීන පෞරුෂයක් ඇති වැඩිහිටියන් ද බියෙන් සලිත කරන්නේත් මෙවැනි දෙයක් තේරුම් ගත නොහැකි මිනිසුන් විසිනි.

මෙය මාවතගම ප්‍රදේශයේ කැමරාවක සටහන්ව තිබූ බව ද පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!