26.7 C
Galle

ඊයේ ආසාදිතයන් හමුවූ ප්‍රදේශ දැනගන්න

Published:

කොරෝනා ආසාදිතයන් 662ක් ඊයේ (18) දිනයේ මෙරටින් වාර්තා වී තිබිණි. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්න් ද කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 259ක් වන අතර ඔවුන් වැඩිම පිරිසක් හමුවී ඇත්තේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙනි.

දෙමටගොඩින් 33ක්, අලුත්කඩේ 25ක්, බොරැල්ලේ 22ක්, මට්ටක්කුලියෙන් 21ක්, වැල්ලවත්තෙන් 19ක් හා මරදානේ 14ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 164ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 79ක් හා සෙසු ආසාදිතයින් 158 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

මේ අතර මහනුවරින් 46ක්, මාතරින් 26ක්, ගාල්ලෙන් 18ක්, කුරුණෑගලින් හා රත්නපුරයෙන් 16ක්, යාපනයෙන් 6ක්, මඩකලපුවෙන් 5ක්, හම්බන්තොට හා මොනරාගලින් 3ක්, ත්‍රිකුණාමලයෙන්, පුත්තලමෙන්, මාතලෙන් ආසාදිතයින් දෙදෙනා බැගින් ද වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,049ක් වන අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 8,823කි.

කොවිඩ් මරණ 165ක් මෙරටින් වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!