26.7 C
Galle

නයිජීරියාවෙන් අකුරණට එවූ පාර්සලයක මත් කොළ වර්ගයක්

Published:

මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන වියළි කොළ වර්ගයක් නයිජීරියාවේ සිට මහනුවර අකුරණ පදිංචි පුද්ගලයකුට ගුවනින් එවා තිබිය දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙය එවා ඇත්තේ ගුවන් පාර්සලයක් ලෙසිනි. එහි අඩංගු වන්නේ හිසකෙස් කළු පැහැ කිරීමට ගන්නා හෙනා නිෂ්පාදන බවට සඳහන් කර තිබී ඇත. මේ පිළිබඳ සැක සිතූ රේගු නිලධාරීන් එම පාර්සයල ශ්‍රී ලංකා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එය පරීක්ෂාකළ විශේෂඥ යන් පවසා ඇත්තේ මේ කොළ වර්ගය මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන බවයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසන්නේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 140ක් පමණ වන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!